දේශීය

පාස්කු ඉරිදා ආරක්ෂාවට පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක බලඇණියක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි  පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    

මෙම පිරිසෙන් 9000 ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 

Related posts

වියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්න

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Editor O

දුර ගමන් බස් සඳහා ඉංජිනේරු වාර්තාව අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

Editor O

Leave a Comment