දේශීය

අද දවසේ ලංකාවට බලපාන කාළගුණ තත්ත්වය

(UTV | කොළඹ) –  අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට අද (01) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.   

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි.

උෂ්ණ අධික කාලගුණයෙන් වන බලපෑම අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර හැකි තරම් සෙවන සහිත ස්ථානවල රැඳී සිටිය යුතුය.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතු අතර වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

Mohamed Dilsad

රන් මිල ඉහළ ට

Editor O

Leave a Comment