දේශීය

කොවිඩ් තුන්වන රැල්ලකට PHI සංගමයෙන් අනතුරු ඇගවීමක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රටතුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.   

එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන්කර සිටියේය.

ඊයේ (12) හලාවත පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය සහ ජනතව නිසි අවධානයක් යොමුකර ඇති බවක් දක්නට නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී ජනතාව මේ පිළිබඳව තේරුම් ගෙන හැකිතාත් සංචරණය සීමාකර කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට සිට යළි ඇරඹේ

Mohamed Dilsad

මඩකලපුව, කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment