දේශීය

ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි

(UTV| කොළඹ) – ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟකිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කළ හැකි බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පැවසීය.   

පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (10) පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පළාත්සභා මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා මේ වන විටත් සෑහෙන පිරිසක් අයඳුම්පත් යොමු කර ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

වැලිකඩ පොලීසියෙන් පහරදී රෝහල් ගත කළ සැකකරුවෙක් මිය යෑම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

හෙට සිට බස්නාහිර දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment