දේශීය

බස්නාහිර පාසල්වල සෙසු ශ්‍රේණි ආරම්භය අප්‍රේල් මස 19 වනදා

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අප්‍රේල් මස 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවේය.

Related posts

අතුරුගිරියේදී වසන්තට වෙඩි තැබූ සැකකරුවන් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Editor O

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment