දේශීය

කොවිඩ් ආසාදිත මළ සිරුරු 09 ක් භූමදාන කෙරේ

(UTV | මඩකලපුව) – කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී ඊයේ මෘතදේහ 9 ක් භූමදානය කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් ප්‍රකාශ කළේය.

කාන්තා මෘත දේහ 04 ක් සහ පිරිමි මෘත දේහ 05 ක් ඒ අතර වෙයි.

මෙරට තුල දැඩි මතභේදාත්මක තත්ත්වයකට ද හේතු වී තිබූ කොරෝනා මෘත දේහ භූමදානය පිළිබඳ අර්බුදය නිමා කරමින් මෘත දේහ භූමදානය කිරීමේ වැඩපිළිවෙල ඊයේ ආරම්භ විය.

මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක තුළම විරෝධය පළ කළහ.

කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් අනිද්දාට පෙර ලබාදිය හැකි බවයි.

අද දිනය තුළදී තවත් සිරුරු 07 ක් භූමදානය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

Mohamed Dilsad

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

Leave a Comment