දේශීය

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය සදහන් කළේ කැනේඩියානු ජාතිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

එම පුද්ගලයාට අයත් කැබ් රථයක් අපරාධ චෝදනා මත මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එය නිදහස් කිරීමට විරුද්ධ නොවී සිටීමට පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

 

 

 

Related posts

හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කරයි

Mohamed Dilsad

කලින් විදියට පළාත් සභා ඡන්දය තියන්න – පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

Editor O

හමුදා උත්තමාචාරය නොපැවැත්වීමට ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment