දේශීය

වේල්ලවීදියෙන් සොයාගත් මළ සිරුර පිළිබඳ විමර්ශණ තවදුරටත් [VIDEO]

(UTV | කොළඹ) – වේල්ලවීදිය පොලිස් වසමේ ගෑස් පහ මංසන්ධිය අසල ගමන් මල්ලක තිබී හමුවූ මළ සිරුර හිස රහිත මළ සිරුරක් බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හදුනාගෙන ඇත.

මළ සිරුර වේල්ල වීදියට රැගෙන ගොස් ඇත්තේ, 143 ගමන් මාර්ගය ඔස්සේ, හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් බවට හෙළිව තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ බව කියන බස් රථය පොලිස් භාරයට ගෙන එහි රියැදුරු සහ බස් රථ සහයකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

බස් රථය ගමන් ආරම්භ කළ හංවැල්ල ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු ගමන් බෑගයක් රැගෙන බස් රථයට ගොඩ වූ බව ඔවුන් දෙදෙනා පිළිගෙන තිබේ.

මහ මග දමාගොස් තිබියදී පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ සොයා ගැනුණු මළ සිරුර වුරුදු 20 ක් පමණ වු තරුණියකගේ බවට පසුව තහවුරු විය.

මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මාධ්‍ය ඔස්සසේ පළ කෙරුණු වීඩියෝ පටයේ සිටින පුද්ගලයා පිළබඳ යම් තොරතුරක් වේ නම්, පහත අංක අමතා වහාම දැනුම් දෙන ලෙසයි.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති – 0718591557
කොළඹ හදිසි ඇමතුම් ඒකකය – 0112 433333

 

Related posts

වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

Mohamed Dilsad

ජල නාස්තියෙන් වළකින්න රජය ඉල්ලයි[RELEASE]

Mohamed Dilsad

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment