දේශීය

කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ

(UTV| කොළඹ) – කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කළ යුතු ක්‍රමවේදයන් ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ සකස් කිරීම වෙනුවෙන් අද දිනයේදී ඊට අදාළ විද්වත් කමිටුව රැස්වීමට නියමිතයි.

ඒ, විශේෂඥ කමිටුවේ ද සහභාගීත්වයෙනි.

අදාළ ක්‍රමවේදයන් කරුණු රැසක් මත පදනම්ව සකස් කෙරෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වැනි දා මධ්‍යම රාත්‍රියේ නිකුත් විය.

අදාළ ගැසට් නිවේදන මගින් පෙර සදහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර තිබේ.

ඒ අනුව අදාළ තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතුයි.

 

Related posts

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

හෝමාගම වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment