විදෙස්

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් කළු ජාතික වෛද්‍යවරිය ජීවිතක්ෂයට

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

මියයෑමට පෙර ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි.

සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.

මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනා විශ්ව විද්‍යාල රෝහලේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ බවට ඇය චෝදනා කර ඇත. ඇය පවසා ඇත්තේ රෝහලේ වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. ඇයට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බවද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදුනොකළ බවද ඇය පවසා තිබිණි. එක් අවස්ථාවක රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය නිවසට යායුතු බවයි.

රෝහලේ ගිලන් සයනයේ සිට නිකුත් කළ වීඩියෝවකට පෙනී සිටිමින් වෛද්‍ය සුසාන් පවසා ඇත්තේ වෛද්‍යධාර සඳහා ඇයට ආයාචනා කිරීමට සිදුවූ බවයි. “කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයටයි” යනුවෙන් ඇය එහිදී පවසා තිබිණි.

 

Related posts

පාකිස්ථානයේ තාවකාලිකව වසාදැමූ ගුවන්තලය යලි විවෘත කෙරේ.

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

Leave a Comment