ව්‍යාපාරික

කැබලි කරන ලද වියළි පොල් ආනයනයට සුදානම්

(UTV |කොළඹ ) – කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන අතර මසකට කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කිරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළයාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment