දේශීය

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

(UTV |කොළඹ) – කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

මේ නිසා එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය ඊයේ (20 ) දැනුම් දී ඇත.

Next නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා විය.

ඊයේ දිනයේ ඔකායා ලංකා නමැති තවත් ඇඟලුම් හලකින් රෝගියෙක් වාර්තා වි ඇති අතර මේ සමග සේවකයන් 2000ක් පමණ සේවය කරන නෙක්ස්ට් ඇඟලුම් හලේ සේවකයන් නවාතැන්පොළවල් තුළදීම ස්වයං නිරෝධානයට යොමු කර ආහාර පාන ලබාදෙන ලෙස ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

Related posts

දකුණු කොරියාවට, ඇමෙරිකාවෙන් සියයට 25%ක තීරුබද්දක්

Editor O

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment