දේශීයව්‍යාපාරික

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයැදුම්පත් 61,907 ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී ඇත.

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයැදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් වේ.

බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැරි බව මහ බැංකුව සඳහන් කරයි.

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය.

දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී.

 

 

Related posts

මහ මැතිවරණය අවසන් වු විගස පැරණි ක්‍රමයට පළාත් මැතිවරණය

Mohamed Dilsad

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

Mohamed Dilsad

විදුලි සංදේශ සේවක සංගමයෙන් රජයට රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment