දේශීය

ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ උපදෙස්වලට පටහැනිව ක්‍රියාකළ හොත් ඉදිරියේ දී ධීවර කටයුතු නැවැත්වීමට නියෝග ලබා දීමට සිදුවන බවය.

මේ අතර උතුරු අන්දමන් මුහුද සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වු අඩු පිඩන කලාපය තවදුරටත් වර්ධනය වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ඔක්තොම්බර් මස 14 වන දින දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දී ඇත.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය රනිල්ට

Editor O

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

Leave a Comment