කලා

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

(UTV |කොළඹ) – කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව විද්‍යාලයේ දැරූ එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් නිර්මාණාත්මක කලාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ඔහු සම්මානලාභී දක්‍ෂ රංගන ශිල්පියකුද වේ.

නමුත් සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයකු ලෙස පත්වීමෙන් පසු වසර අටක පරිවාස කාලයක් ඔහුට ලබා දී තිබුණි.එම කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය) උපාධි සුදුසුකම ඔහු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පවසයි.

එසේ සුදුසුකම් සපුරා නොතිබියදීත් විශ්ව විද්‍යාලයේ හිටපු පාලනාධිකාරය මගින් 2015 වසරේ දී සුදුසුකම සපුරාලිය යුතු දිනය මාස 7කින් ඉදිරියට ගෙන ඔහුට උසස්වීම් ලබාදී ඇතැයි ද අබේරත්න බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

මෙය වැරදි ආකාරයෙන් ලබාදුන් උසස්වීමක් නිසා එය නිවැරදි කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන ඇතැයි ද මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

Related posts

වසර 33කට පෙර අපෙන් සමුගත් හදවත රත්තරං ජෝති

Mohamed Dilsad

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment