දේශීය

විග්නේශ්වරන්ට එරෙහි නඩුව කල් යයි

(UTV |කොළඹ ) – අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අද විභාගයට ගැනුණි.

ඒ අභියාචනාධිකරණය හමුවේය.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර එම පැමිණිල්ල අද (15)  මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තේය.

මේ අනුව අද දින සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හිටපු ලේකම් සිවලිංගම් සත්‍යසීලන් යන අයගෙනි.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට (16) දින දක්වා කල්තැබුණි.

Related posts

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

Mohamed Dilsad

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment