දේශීය

ආහාර වර්ජනයේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ බූස්ස නාවික රෝහලට

(UTV | ගාල්ල) – බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරතවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇත.  

ඒ ඔහුගේ පපුව ආශ්‍රිතව හට ගත් අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඊයේ පෙරවරුවේ සිට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත වනවා.

රැදවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම හා විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවනට එරෙහිව මෙන්ම තමන්ට මාසිකව බන්ධනාගාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

Related posts

නේපාලය දක්වා සියලු ගුවන් ගමන් නතර කරයි.

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment