දේශීයප්‍රමුඛ පුවත 1

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

(UTV |කොළඹ) – මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

ඒ අනුව හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වේ.

මේ අතර, නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇත.

මින් ඉදිරියට සතියේ සෑම බදාදා දිනකම කැබිනට් රැස්වීම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

Related posts

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

රජයේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට අද එන පිරිස

Mohamed Dilsad

Leave a Comment