දේශීය

සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන මගීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – මේ වසරේ ජුලි මස 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන සියලුම මගීන් හා ශ්‍රමිකයන් සතුව විද්‍යුත් මාර්ගයෙන ලබාගත් සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත තමන් සතුව තිබිය යුතු බව සයිප්‍රස් රජය විසින් ප්‍රකාශ කර ඇත.  

ඒ අනුව, සයිප්‍රසයට යන සියලුම විගමණික ශ්‍රමිකයන්ට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට ගොස් නිවාඩුවෙන් පසු, ආපසු සයිප්‍රසයට ඇතුළුවන විගමණික ශ්‍රමිකයන්ට, සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත තිබිය යුතුය.

https://cyprusflightpass.gov.cy යන විශේෂිත වෙබ් අඩවියට පිවිස විද්‍යුත් සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත ලබාගත හැක.

මෙම සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත නොමැති අයට ගුවන් යානා වලට ඇතුළුවිමට ඉඩ ලබානොදෙන අතර අවසර පත් නොමැතිව අසුවුවහොත් පිටුවහල් කිරිමකට හෝ  පැමිණීමෙන් පසු දඩයකට යටත් වන බව එරට රජය විසින් නිවේදනය කර ඇත.

Related posts

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

Mohamed Dilsad

පර්යේෂණ නෞකාවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..?

Editor O

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය 13 වනදා ජනතාවට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment