දේශීය

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි[RELEASE]

(UTV | කොළඹ) –  නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රියේ අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07 ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ අරමුණින් එම කොට්ඨාසය පිහිටවනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන මුදල් ගනුදෙනු, මුදල් විශුද්ධිකරණය, බුද්ධිමය දේපල අවභාවිතය, ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අදාළව නව ඒකකය මඟින් විශේෂඥ උපදෙස් ලබාදීමට නියමිතය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

නායයෑමෙන් කුඹුරු ඉඩම්වල ගොඩගැසී ඇති පස් ඉවත් කිරීම ගැන දැනුම් දීමක්

Editor O

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

Mohamed Dilsad

Leave a Comment