දේශීය

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ට සහනයක්

(UTV| කොළඹ) – මේ වසර අවසානය වන තෙක් බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එස්. රුවිනීස් මහතා සඳහන් කළේ, ගෘහස්ථ පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් එම සහනය හිමිවන බවයි.

මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල ජල ගාස්තුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින්ගේ පැමිණිලි ලැබී තිබෙන බව ද ඒ මහතා පවසයි.

ඒකක 25ට අඩු මාසික පරිභෝජන ධාරිතාවක් සහිත බිල්පත් සඳහා මේ වනවිටත් 10% ක සහනයක් දී ඇතැයි සාමාන්‍යාධිකාරී සඳහන් කළේ ය.

ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, 2012 වසරෙන් පසු ජල ඒකකයක් සඳහා මිල ඉහළ දැමීමක් කර නොමැති බවය.

Related posts

පැන්⁣ඩෝරා ලේඛන ගැන විමර්ශණ කරන්න – TISL

Mohamed Dilsad

”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය

Editor O

අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment