දේශීය

බස් රථ ඇප් එක අද එළිදකියි

(UTV | කොළඹ ) – අද (07) බස් රථ වේලාවන් දැනගැනීමට හැකි නව ජංගම දුරකථන යෙදවුම එළි දැක්වේ.

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ඇතැම් අවස්ථාවලදී බස් රථයක් එනතුරු පැය ගණනක් මහමග සිටීමට සිදුවීම හා බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීම වැනි අවස්ථාවකදී ඒ බව දැනගැනීමේ ක්‍රමයක් නොමැතිවීම සැළකිල්ලට ගෙනයි මෙම ඇප්ලිකේෂනය නිර්මාණය කර ඇත.

මෙම තත්ත්වය සළකා බලා මගීන්ට බස් රථයක් පැමිණෙන වේලාව දැනගැනීමට හැකි අයුරින් ආසන්නයේම පැමිණෙන බස් රථවල තොරතුරු ලබාගත හැකි මෙම දුරකතන යෙදවුම නිර්මාණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙමගින් බස් රථයක ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන් සහ මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව දැන ගත හැකියි.

තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය ආදිය දැනගැනීමට මෙන්ම අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමටත්, කාඩ්පත් මගින් ගාස්තු ගෙවීම ආදිය සඳහාත් මෙම ඇප්ලිකේෂනය මගින් පහසුකම් සලසා තිබේ.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තවම තීරණයක් ගෙන නැහැ. – ඇමති විජිත හේරත්

Editor O

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

කොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගය

Mohamed Dilsad

Leave a Comment