දේශීය

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

(UTV | නාදුගල) – නාදුගල ප්‍රදේශයේදී නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තා වෙයි.

ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කර තිබෙන අතර එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී ඔහු ගඟට ඇදවැටී ඇති අතර අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ කිඹුලෙකු විසින් එම පොලිස් නිලධාරියාව ඩැහැගෙන ගිය බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ කොම්පඥවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙන අතර ,
ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

මාලනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් මුදල් දීම ගැන ඇසූ ප්‍රශ්නයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සට උත්තර නැතිවෙයි.

Editor O

බටලන්ද කොමිෂමේ විවාදය අද

Editor O

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment