දේශීය

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

(UTV | නාදුගල) – නාදුගල ප්‍රදේශයේදී නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තා වෙයි.

ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කර තිබෙන අතර එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී ඔහු ගඟට ඇදවැටී ඇති අතර අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ කිඹුලෙකු විසින් එම පොලිස් නිලධාරියාව ඩැහැගෙන ගිය බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ කොම්පඥවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙන අතර ,
ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

Mohamed Dilsad

ඇමති බංගලා ලබා ගැනීමට 60 දෙනෙකුට වැඩි පිරිසක් ඉල්ලීම් කරලා

Editor O

පාසල් වෑන්රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment