දේශීය

කංජිපානිගේ පියාට පහරදීමට සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හඳුන්වන මොවුන් දෙදෙනා ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාළිගාවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම සැකකරුවන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන අය බවද පොලීසිය පවසයි.

මාළිගාවත්ත ප්‍රදේශයේ දී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නජිත් නැමැත්තාට තියුණු ආයුධවලින් පහරදී තිබුණේ ඊයේ රාත්‍රියේයි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ [RELEASE]

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.

Editor O

රටට වරද්දපු භීෂණ කල්ලිය පරාජය කළ යුතුයි – පාඨලී චම්පික

Editor O

Leave a Comment