දේශීය

ව්‍යාජ පුවතක් පිළිබඳව කම්කරු කොමසාරිස්ගෙන් ජනතාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) – මේ දිනවල හුවමාරු වන ව්‍යාජ පුවතක් පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් කම්කරුවන්ට හිමිවන බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ දැන්වීමක් සංසරණය වන බවත් , එම ව්‍යාජ දැන්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවත් විමලවීර මහතා පැවසීය.

1990 ත්, 2020 ත් දක්වා වූ කාලය තුළ සේවය කළ කම්කරුවන් වෙත ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින් ලබාගැනීමට හැකියාව ඇති බවට එම ව්‍යාජ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර ඇත.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා සුදුසුකම් පරීක්ෂාකර බැලීමේ ප්‍රශ්නාවලියක්ද එහි දක්වා ඇති අතර, එම දැන්වීමට හසු නොවන ලෙසටයි.

Related posts

ආණ්ඩුවේ අය බලයට එන්න පෙර කී කතා, මාධ්‍යයේ පළ කරන අයට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

Editor O

එජාප මැද කොළඹ සංවිධායක ඇප මත මුදා හැරේ

Editor O

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment