දේශීය

ලංකාවේ ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය [PHOTOS]

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර, මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.

ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කිරීමට යෙදුනු මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනීමට තීරණය කලද කෙටි කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් මෙම ව්‍යපෘතිය කර ගෙනයාමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

No photo description available.

Image may contain: one or more people, swimming and water

Image may contain: one or more people, swimming and water

Image may contain: one or more people

No photo description available.

Related posts

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

රුපියල අවප්‍රමාණයවීමෙන් විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළට

Editor O

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment