දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති කොමිසමට

(UTV | කොළඹ ) – අද (17) දේශපාලන පලිගැනීමේ පිළිබද සොයාබැලීමේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු පාර්ශව 17 ක් පෙනී සිටීමට නියමිතයි.

මෙලෙස රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනිම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් ගොනු කළ පැමිණිල්ලට අදාලව වගඋත්තරකරුවන් ලෙස ඔවුන් නම් කෙරුණි.

මීට අමතරව අදාල සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන අයද දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Related posts

ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයට

Mohamed Dilsad

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment