දේශීය

සියලු ධීවර යාත්‍රා මුහුදු යාම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බහුදින ධීවර යාත්‍රා ඇතුලු සියලු ධීවර යාත්‍රා මුහුදු යාම නැවත දැනුම්දෙනතුරු අත්හිටවූ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂිතයි.

අන්තර්ජාතික ධීවර කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආරියරත්න පවසන්නේ මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙසයි

Related posts

රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීමකින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment