දේශීයව්‍යාපාරික

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ පොල් වෙන්දේසිය

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා නතර වූ කොළඹ පොල් වෙන්දේසිය පසුගිය මාසයේ ඔන්ලයින් ක්‍රමයට ඇරඹීමත් සමඟ නවතම පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි 1000ක් සඳහා රුපියල් 38,215ක සාමාන්‍ය මිලක් හිමිව තිබේ.

එහිදී පොල් දහසක් සඳහා හිමි වූ උපරිම මිල රුපියල් 50,400ක් වන අතර, අවම මිල රුපියල් 40,000ක් බව සඳහන්.

වෙන්දේසියට පොල් ගෙඩි 14 ලක්ෂ 71,955ක් ඉදිරිපත් කළ අතර, ඉන් 12 ලක්ෂ 38,000ක් අලෙවි වී තිබේ.

පොල් සැකසුම් කම්හල් සහ තෙල් මෝල් හිමියන් විසින් වැඩි වශයෙන් මෙම පොල් මිලදී ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

Editor O

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment