විදෙස්

ට්විටර් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩවම

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය සිය සමාගමේ සේවකයන් සදහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ට්විටර් සමාජජාලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෛරසය ව්‍යාප්තියත් සමග රැකියා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ලොව පුරා රාජ්‍ය  සහ පෞද්ගලික ආයතන මෙම නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයෙ හදුන්වාදෙනු ලැබීය.

මේ අනුව ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ සිට නිවසේ සිට සිය රාජකාරි සිදු කළහ.

එම ක්‍රමවේදය සාර්ථකවීම හේතුවෙන් නිවසේ සිට අඛණ්ඩව සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ට්විටර් සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

 

Related posts

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

Mohamed Dilsad

පිලිපීනයේ බූස්ටර් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment