ගොසිප්

පෞද්ගලික අංශයට රැකියා අහිමිවීමේ අවධානමක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ ආයතනවල දෙලක්ෂයකට පමණ රැකියා අහිමිවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ඇතිවූ මෙම තත්ත්වයට රජය ඍජුව මැදිහත්විය යුතු බව එම සංගමයේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ කියා සිටියේය.

කෙසේ වෙතත් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට සමීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ වනවිට ඊට අදාළ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇත.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාදිය හැකි බවයි.

Related posts

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ණයට ඉන්ධන ඉල්ලයි

Mohamed Dilsad

ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වුනේ මමයි – සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment