දේශීය

නාවික සෙබලුන්ගේ ස්පර්ශකයින් පිලිබඳ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශය විමසිල්ලෙන්

(UTV | කොවිඩ් 19) – නාවික හමුදා සෙබලුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් භාගයට පැමිණ තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියි.

එමෙන්ම , නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් පිලිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශය ද දැඩි විමසිල්ලෙන් පසුවන බව ඔහු සඳහන් කරයි.

නාවිත හමුදා ආසාදිත වූවන් ප්‍රධාන වශයෙන්ම පවුලේම සාමාජිකයින් සහ අවට ප්‍රදේශවාසින් මෙන්ම ඔවුන් ආගිය ස්ථාන වල සිටි හිතවතුන් ආදී පුද්ගලයින් ඉදිරියේදීත් ආසාදිතයින් බවට පත් වේවිද යන සැකය මේ වන විට මතුවී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවධාරණය කර සිටියි.

මේ වන විට මතුවී තිබෙන කොවිඩ් 19 පොකුරු තවදුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් , නමුත් එම පොකුරු ආශ්‍රිතව සහ නාවික හමුදා සෙබලුන්ගේ ස්පර්ශකයින් ආශ්‍රිතව ආසාදිතයින් මතුවේදැයි නිති විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර අද සිට හෝමාගම මූලික රෝහලද කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරන ස්ථානයක් බවට නම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලා.

Related posts

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට මාරුවක්

Mohamed Dilsad

‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment