දේශීය

ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8 ට යළිත් පනවයි

(UTV| කොවිඩ් 19 ) – අධි අවධානම් කලාප වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද (20) පස්වරු 8 ට යළිත් පැනවීමට නියමිතයි.

මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම පහ දක්වා පමණයි.

මේ මස 25 වනදා සහ 26 වනදා සති අන්තයේදී මෙම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති බව වයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව 24 වනදා රාත්‍රී 8 ට පනවනු ලබන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ 27 වන සදුදා අලුයම 5 ටයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අනිද්දා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලුයම 5 දක්වා යළි දීර්ඝ කර ඇත.

Related posts

“සාමකාමි සමුගැනීමක් දුන්නා නම් මේ මුකුත් නැහැ”

Mohamed Dilsad

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

වාහන අවසරපත් ගැන නීතීඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

Editor O

Leave a Comment