දේශීය

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති.

මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ.

ජනාධිපතිතුමා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කෙරිණ.

නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසන්නේ දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය ‍‍හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බවයි.

බන්ධනාගාරවල සිරකරු ධාරිතාව  දස දහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණි.

මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ජනවාරි 29 විශ්‍රාම යයි.

Editor O

පලා ගිය කොවිඩ් රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment