දේශීය

කොරෝනා රෝගීන් ඇසුරු කල 2210 ක් ගැන තොරතුරු

(UTV |කොළඹ ) – ‍මේ වනවිට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බවට දැනට හඳුනාගෙන ඇති රෝගීන් සමග ඇසුරු කළ පුද්ගලයන් 2210 දෙනෙකු පිළීබඳ තොරතුරු අනාරවණ කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීවේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් අදාල පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමුකර ඇති බැවින් සමාජය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීමට හැකිවී ඇති බව අනිල් ජාසිංහ කියා සිටියේය.

යම් ආකාරයකින් ඉදිරියේදී කොරෝනා රෝගීන් ගණන වැඩි වුවහොත් ඒ සඳහා මුහුණදීමට ප්‍රතිකාර සැලැස්මක්ද මේ වන විට සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සරණාගතයන් ලක්ෂයක් රටට ඇතුළුවීමේ අවධානමක්

Editor O

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment