දේශීය

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ඒ අනුව,මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා මහබැංකු අධිපතිවරයාට අද ලිඛිතව දැනුම් දී ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද, ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම සේවක සංඛ්‍යාවක් සහිතව, අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් අදාළ ආයතන විවෘතව තබන ලෙස දැනුම් දී තිබේ.

අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් වන්නේ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදා හැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීමයි. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ප්‍රධාන කාර්ය මණ්ඩලය මෙන්ම, ජනාධිපති කාර්යාලය ද සෑමදිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

Related posts

2020 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැකියා බලපත්‍ර ලබාදීම බහරේනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment