විදෙස්

කොරෝනා හමුවේ ඇමෙරිකාවද අසරණ වෙයි

(UTV|කොළඹ) – ඉතා දරුණු අන්දමින් පැතිරී යන කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපීය රට වලට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.

මේ වන් විට චීනයේ තත්වය පාලනය කර ඇත.

ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වී ඇත්තේ  රෝගීන් 46 දෙනෙක් පමණි.

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට ඊයෙ දිනය පත්ව ඇති අතර එම රෝගීන් ගණන 7301කි.

දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන්තය 1035 ක්ද ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 793 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 285 ක් ද ප්‍රංශ 112ක් ද ඇතුළු දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව වණ 1663 ක් වාර්තා කොට ඇත .

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් හතර දෙනෙක් පමණි.

එසේම මේ වන තුරු කිසිම මරණයක් වාර්තා වී නොමත.

Related posts

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

Mohamed Dilsad

ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

විජේ මල්ල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment