දේශීය

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

(UTV | කොළඹ) – නාම යෝජනා භාරගැනීම අවසන්වන අද දිනයේදී මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 දෙනෙකු යොදවා ඇත.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර , මාර්ග බාධක 133 ක් සහ ජංගම මුර සංචාර කණ්ඩායම් 77 ක් දිවයින පුරා යෙදවීමට පියවර ගෙන තිබේ.

නාම යෝජනා භාරගැනීම සිදුවන අද දිනයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍ර තුලට ඇතුල්වීමට අවසර හිමිවන්නේ නීත්‍යානුකූල අවසරය හිමි අයට පමණි.

එබැවින් දේශපාලන ආධාරකරුවන් රැගෙන ඒමෙන් වළකින ලෙසයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය කළොත් දැඩි දඬුවම්

Editor O

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

Editor O

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment