දේශීයප්‍රමුඛ පුවත 1

ධීවර කර්මාන්තයට හා පාරිභෝගිකයාට සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්

(UTV | කොළඹ) – ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දුන් බවයි.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම සහ නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ජනාධිපති මෙහිදී අවධාරණය කළේය.

මේ සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, සනත් නිශාන්ත පෙරේරා, කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක සහ යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.

Related posts

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

එදා තමන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ , වත්මන් ආණ්ඩුව මේ වෙද්දී නිල වශයෙන් පිළිඅරගෙන – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment