දේශීයප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයි

(UTV | කොළඹ) – ඊයේ (20) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබු ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවේ 2015 වසරේ ජනවාරි 8 වනදා සිට පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යන මහත්වරුන් එම කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දී තිබේ.

Related posts

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

Editor O

අල්ලස් ලබා ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment