දේශීයප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයි

(UTV | කොළඹ) – ඊයේ (20) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබු ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවේ 2015 වසරේ ජනවාරි 8 වනදා සිට පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යන මහත්වරුන් එම කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දී තිබේ.

Related posts

ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයින් 35කගේ ඇප මුදල් රාජසන්තක කරයි.

Editor O

පේරාදෙණියේ සියලුම පීඨ වැසේ

Mohamed Dilsad

Leave a Comment