දේශීය

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

(UTV |කෑගල්ල) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය අද (18) සහ අනිද්දා (19) පැය කිහිපයකට වසා තැබීමට නියමිතව ඇත.

එම මාර්ගය අද පස්වරු 6 සිට හෙට දින අලූයම 6 දක්වා සහ අනිද්දා හවස 6 සිට ඊට පසුදින උදෑසන 6 දක්වා මෙලෙස වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙලෙස මාර්ගය වසා තැබෙන කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද, දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

Related posts

ජනපති ලේකම්ගේ මැයි වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරයි

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment