දේශීයප්‍රමුඛ පුවත 1

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – ලබන 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම් දිවයින පුරා ආවරණය වන පරදි පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙලෙස ලබා දී ඇත.

අදාල ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා 12ක් ඉදිරිපත් වූ බව සඳහන්.

එම අභියාචනා අතරින් අභියාචනා 02කට පමණක් අනුමැතිය ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment