විදෙස්

83 දෙනෙකු රැගත් ඇෆ්ගනිස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

(UTV | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ මගීන් 83 දෙනෙක් රැගත් Ariana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටීමට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින්ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයටයි.

අනතුරෙන් පසුව එම ස්ථානයට ලඟා වූ තලෙයිබාන් සටන්කාමින් ගුවන් යානයේ හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

යානයේ ගමන් කරමින් සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලය අනතුරෙන් කුමක් සිදුවූවාද යන්න මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේය.

Related posts

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

මීළඟ වසංගතය ‘නිපා’ ද?

Mohamed Dilsad

‘ලඩක්’ ඉන්දීය රජය විසින් නව ප්‍රාන්තයක් බවට නම් කරයි

Mohamed Dilsad

Leave a Comment