ක්‍රීඩා

ඉන්දියාව සමග පන්දුවාර 20 ට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

(UTV | කොළඹ) –  2020 වසරේ ජනවාරි මස 03 වනදා ඉන්දියාව සමඟ අරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

මෙවර ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

මෙහි නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි.

ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත මෙම සංචිතයට ඇතුළත් වේ.

කුසල් මෙන්ඩිස්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට මෙම සංචිතයේ අවස්ථාවක් ලැබී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස ජෙරම් පත් කෙරේ

Mohamed Dilsad

ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ තම සේයාරුවක් නිරාවරණය කිරීම ගැන සංගා කතා කරයි(වීඩියෝ)

Mohamed Dilsad

එංගලන්ත පිලේ පුහුණුකාර ධූරයට ක්‍රිස් සිල්වරවුඩ්

Mohamed Dilsad

Leave a Comment