ප්‍රමුඛ පුවත 1

ගානියා බැනිස්ටර් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග [VIDEO]

(UTV | කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී  තිබේ.

ඒ, මෙම කාන්තාව ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම හරහා රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙනි.

මෙම  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් අද උදෑසන 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිව්වන වරටත් පැමිණියාය.

පසුව, එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇය අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත කැදවා ගෙන ගියේය.

ඉන් පසුව ඇය පස්වරුවේ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබීය.

Related posts

පාකිස්ථාන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපති හමුවේ[PHOTOS]

Mohamed Dilsad

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment