ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

(UTV | කොළඹ) – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ වරදකරුවෙකු බවට තීන්දු කර තිබේ.

ඒ 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබුණි.

ඊයේ එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාව හරිත දිවයිනක් බවට පත්කිරීමට ජනපතිගේ කැපවීම ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයාගේ පැසසුමට

Mohamed Dilsad

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද

Mohamed Dilsad

පලාගිය අය නැවත මාතෘභුමිය පිළිබඳව කතාකරයි – අනුර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment