ප්‍රමුඛ පුවත 1

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

 

(UTV | කොළඹ) –  දුම්වැටි සහ මත්පැන් සඳහා පණවා තිබූ බදු කිහිපයක් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. 

මේ අනුව දිග ප්‍රමාණය අනුව එක් දුම්වැටියකට රුපියල් 13 යි ශත 36 ත් , රුපියල් 48 යි ශත 35 ත් අතර ප්‍රමාණයන්ගෙන් බදු සංශෝධනය කර ඇති බව රජය නිවේදනය කරයි.

මේ අතර ඊයේ සිට බල පැවැත්වෙන පරිදි සුරා බදු කිහිපයක්ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව තීරුබදු රහිත සාප්පුවල විදේශ ව්‍යවහාර මුදලට විකිණීම සඳහා ආනයනය කරන හෝ ප්‍රතිඅපනයනය සඳහා ගෙන්වන විදේශීය මත්පැන් හැර මෙරටට ගෙන්වන සෑම විදේශීය මත්පැන් තොග ලීටරයක් සඳහාම බදු සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් සඳහා අය කෙරෙන සුරා බදුද සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොහෝ ප්‍රදේශවල තද වැසි

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් වැඩ භාර ගනි.

Mohamed Dilsad

Leave a Comment