විදෙස්

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

(උදයම්,ඉන්දියාව)  – අත්අඩංගුවට ගැනුණු ඉන්දියාවේ ධන කුවේරයෙකු වන විජය මල්ලයා ඇප මත මුදා හැරේ.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණි.ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරු ද වේ.

කින්ෆිෂර් ගුවන් සමාගම යටතේ පවතින ඩොලර් බිලියන 1.4ක මුදලක් නොගෙවීම හේතුවෙන් චෝදනා එල්ල වූ විජය මල්ලයා 2016 වසරේදී බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබුණි.

අනතුරුව ඔහු එරටින් පිටුවහල් කරන ලෙස ඉන්දීය රජය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට අනුව ඔහු ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලට

Mohamed Dilsad

එංගලන්ත ටෙස්ට් සංචිතය

Mohamed Dilsad

Leave a Comment