ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය හේතුවෙන් අමතර ප්‍රවාහන සේවයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ජනාධිපතිවරණයට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොළඹ සිට ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යොදවා ඇති බව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට අදින් ආරම්භ වන මෙම අතිරේක බස් රථ සේවාව ලබන 18 වනදා තෙක් ක්‍රියාත්මක වන වීමට නියමිතයි.

ඒ අනුව ගැටලුවකින් තොරව ජනතාවට ගම් බිම් බලා යාමට හා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැවත කොළඹට පැමිණිමේ අවස්ථාව උදා වේ.

මේ අතර බදුල්ල – කොටුව අතර විශේෂ දුම්රිය දෙකක් යොදවා තිබේ.

දෛනික සේවා නියමිත පරිදි ක්‍රියාත්මක බව දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මගී අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් අතිරේක දුම්රිය යෙදවීමට සැලසුම් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මාර්තු 15දා

Mohamed Dilsad

Leave a Comment