ක්‍රීඩා

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කිරීම් උපදේශකයන් දෙදෙනකු ඩුබායිහි පිහිටි අයි.සී.සී. ඇකඩමියේ ගෝලීය තෙවැනි මට්ටම් පාඨමාලාවේ මෙහෙයවීමේ මඬුල්ලට එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආරාධනාවක් අනුව මේ සඳහා සහභාගී සහභාගී වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යයන ඒකකයේ ප්‍රධානි හේෂාන් ද මෙල් සහ පුහුණු උපදේශකයකු වන තාරක සමරතුංගයි.

හේෂාන් ද මැල් ධාරිතා අධීක්ෂණය පිළිබඳ වැඩමුළුවක නිරත වී සිටින අතරම අයි.සී.සී. ඇකඩමි කළමනාකාරිත්වය හා එක්ව මෙම වැඩසටහන අධීක්ෂණය කිරීමද සිදුකරනු ලබයි.

තාරක සමරතුංග මානසික කුසලතා සැසිය මෙහෙයවීම භාරව කටයුතු කරයි.

කෙසේ වෙතත් හේෂාන් ද මැල් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පළමු හා දෙවැනි මට්ටම් සුදුසුකම් ලත් පුහුණුකරුවකු වන අතර ඊට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිල තෙවැනි මට්ටම් සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.

මීට අමතරව තාරක සමරතුංග ද අයි.සී.සී. ගෝලීය පළමු, දෙවැනි හා තෙවැනි මට්ටම් සුදුසුකම් ලත් පුහුණුකරුවකු වන අතර ඕස්ට්‍රේලියා ක්‍රිකට් දෙවැනි මට්ටම් පුහුණුකරුවකු ලෙසද සුදුසුකම් සපුරා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බාර්සිලොනා පාපන්දු සමාජය වටලයි – කිහිපදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment